ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල්ගත කෙරේ
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
14 වැනි වරටත් සංවිධාන කරන ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළට නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදු කෙරේ.
ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පමණක් විවෘත මෙම අවස්ථාවට, එක් අයදුම්කරුවෙක්ට චිත්‍රපට 2ක් ඉදිරිපත් කිරීමට හැකි අතර ඒවා උපරිම මිනිත්තු 30 කාලයකට යටත්ව, 2023 ජනවාරි 1 වැනිදාට පසු නිෂ්පාදනය කළ චිත්‍රපට විය යුතු ය.
චිත්‍රපට 2024 ඔක්තෝබර් 25 වැනිදාට පෙර යොමු කළ යුතු ය.
ඉදිරිපත් කෙරෙන කෙටි චිත්‍රපටවලින් තෝරා ගැනුණු හොඳම නිර්මාණ සහ නිර්මාණකරුවන් උදෙසා අංශ 15ක් යටතේ සම්මාන පිරිනැමීමට සංවිධායකයින් කටයුතු සුදානම් කොට ඇත.
හොඳම කෙටි චිත්‍රපටය, ජූරියේ සම්මානය, මානව හිමිකම් සම්මානය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සංවේදාත්මක කෙටි චිත්‍රපටය, හරිත සම්මානය, හොඳම සජීවීකරණ කෙටි චිත්‍රපටය, හොඳම සංස්කරණය, හොඳම කැමරා අධ්‍යක්ෂණය, හොඳම රංගනය සහ අනාගත බලාපොරොත්තු තැබිය හැකි සිනමාකරු (වයස අවුරුදු 24ට අඩු) ඇතුළු සම්මාන 15ක් එහිදී පිරිනැමෙනු ඇත.
ඇජෙන්ඩා 14 කෙටි චිත්‍රපට උලෙළ දෙසැම්බර් 6 වැනිදා සිට 9වැනිදා දක්වා කොළඹ, ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට නියමිත යි.
වැඩි විස්තර www.agenda14.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකි ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.
2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) සම්මාන උළෙලේ රතු පළස මත දී සිය ඇඳුම උනා දැමීම මේ වනවිට හොලිවුඩයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.
ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.