නවසීලන්තයට එරෙහිව වසර 15කට පසු ටෙස්ට් තරගාවලි ජයක්
ශ්රී ලංකා - නවසීලන්තය අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්රී ලංකා කණ්ඩායම සමත්විය. ඒ අනුව, නවසීලන්තයට එරෙහිව තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලි ජයක් ශ්රී ලංකාව හිමිකරගන්නේ වසර 15කට පසුය.