බස් ගාස්තු සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අද (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගාස්තුව සියයට 12.19කින් ඉහළ යනු ඇත.

අවම බස් ගාස්තුව රු. 3කින් ඉහළ දැමුණු අතර ඒ අනුව අවම බස් ගාස්තුව රුපියල් 30ක් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රකාශ කළේය.

001.jpg
002.jpg

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.