කුවේට් ගුවන් කලාපය තාවකාලිකව වැසේ
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
Update : 5.25 PM ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට එක්සත් රාජධානියේ ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් සිට ඇති Air India ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානය අනතුරට පත්වීමෙන් අවම වශයෙන් 30 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
…….
ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී අනතුරකට ලක්ව තිබේ.
යානය ගුවන්ගත වී තත්පර කිහිපයකට අඩි 625 (මීටර් 190)ක් පමණ ඉහළ දී යානයෙන් අවසන් සංඥාව ලැබී තිබේ.
'එයාර් ඉන්දියා' ගුවන් සේවයට අයත් යානයක් මෙසේ අනතුරට ලක්ව ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී ගුවන් යානයේ මගීන් 240කට වැඩි පිරිසක් සිට ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අනතුරෙන් සිදු වූ ජීවිත හානි හෝ වෙනත් හානි පිළිබද මේ දක්වා තොරතුරු වාර්තා කර නොමැත.



ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉරාන ප්‍රහාරවලින් පසු කුවේටයේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රහස්පතින්දා (11) එරට ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබේ.
ඉරානයට එරෙහිව ප්‍රහාර මාලාවක් දියත් කළ බව එක්සත් ජනපදය පවසයි.
පිලිපීනයේ මින්දනාවෝ දූපත් ආසන්නයේ හටගත් රික්ටර් මාපක 7.8ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයෙන් මියගිය පිරිස 19 දක්වා ඉහල ගොස් තිබේ.