වැඩිහිටි දීමනාව ගිණුම්වලට වැටෙන දිනය මෙන්න
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ ‘Demerit System’ ක්‍රමවේදයේ සය මසක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
අද (28) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම නියමු වැඩසටහන ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
මාර්ග අනතුරු අවම කිරීම සහ රථවාහන නීති පිළිපැදීම දිරිමත් කිරීමේ අරමුණින් මෙම ලකුණු අඩු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
යෝජිත ක්‍රමවේදය යටතේ රියදුරන්ට වසර දෙකක කාලයක් සඳහා නිශ්චිත ලකුණු ප්‍රමාණයක් ලබාදෙන අතර, ඔවුන් විසින් සිදුකරන විවිධ රථවාහන නීති උල්ලංඝනය කිරීම් අනුව එම ලකුණු අඩු කිරීමට නියමිතය.
අදාළ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් හෙට (29) සිට ධාවනයට එක් කිරීමට නියමිතව තිබේ.
Update : 11 30 බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ අද (27) උදෑසන සිදුවූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇත.