පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා තිබේ.

අද (26) අලුයම 4ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඉන් බරපතළ තත්ත්වයෙන් සිටි තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත.

රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවීමකින් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙය සිදුවන්ට ඇති බවට සැකකෙරෙන අතර, පිපිරීම හේතුවෙන් අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද දැඩි ලෙස හානි සිදුවී තිබේ.

මෙම පිපිරීමෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ලවීම නිසා නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවීමට පියවර ගෙන ඇත.

 

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.