විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 හි වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර තිබේ.

ඒ අනුව අවසන් වටයට නිර්දේශිත කෘති මෙසේ ය,

  • අන්තිමට නිහඬ බවම කතා කරන්න ගත්තම- ප්‍රභාත් ජයසිංහ (සරසවි ප්‍රකාශන)
  • කල්පිත කවියෙකුගේ කල්පනා කවුලු - නඳුන් යසික දසනායක (විදර්ශන  ප්‍රකාශන)
  • තාම ඒ කුරුළු හඬ එතැන- ළහිරු කිතලගම (Dream Pencil Publication)
  • ධූමලාවණ්‍යාගාරය - රුවන් බන්දුජීව (ඔඩම ප්‍රකාශන)
  • මමත්වතා - ඉසුරු චාමර සෝමවීර (විදර්ශන ප්‍රකාශන)

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා සවස 3ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල, ශ්‍රී සුමංගල සභාසදයේ දී පැවැත්වීමට නියමිත යි.

457168373-1008826547709452-6429441189489852369-n.jpg

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.