විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
සෞඛ්‍ය, අධ්‍යාපනය, ප්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා කඩාකප්පල් කිරීමේ උත්සාහය පිටුදැකීම හා කඩාකප්පල්කාරී ක්‍රියා වැළක්වීම සඳහා නීතියක් සම්පාදනය කිරීමට කරුණු අධ්‍යනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් නීති විෂය භාර අමාත්‍ය, ආචාර්ය විජේදාස රාජපක්ෂ වෙත උපදෙස් ලබා දී ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (10) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡා වේ දී ය.
ඒ අනුව, ජනජීවිතයට අවශ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් කඩාකප්පල් කිරීම වැළක්වීම සඳහා රජයකට මැදිහත් වීම පිළිබඳව නීතිපති උපදෙස් ලබා දී තිබෙන බවත්, එමඟින් අනාගතයේ දී මේ රටේ ජනතාවට බියෙන් සැකෙන් තොරව තමන්ගේ එදිනෙදා ජීවනෝපාය පවත්වාගෙන යාම සඳහාත්, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වීම වැළක්වීම සඳහාත්, රෝගීන්ට සිදුවන පිඩා වැළක්වීම සඳහාත්, නීතියෙන් කිසියම් පිළිසරණක් ලබා දීම සඳහා රජයේ අවධානය යොමුව තිබෙන බව අමාත්‍යවරයා මෙහි දී සඳහන් කළේය.
ඉතාම අසීරුවෙන් කෙටිකාලයක් තුළ දී ජාත්‍යන්තර සහයෝගය සම්පුර්ණයෙන්ම වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු රජය ලබා ගත් අතර ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් වලට අත්සන් කිරීමද සිදු කළ පසු කිවිටෙක බලය ලබාගත නොහැකි යැයි සිතා කටයුතු කරන ඇතැම් බලවේග විසින් තර්ජන, පිඩා මඟීන් රට අවුල්සහගත තත්ත්වයට පත් කිරීමේ උත්සාහයක තොරතුරු ලැබී ඇතැයි ද හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
එමෙන්ම, මිට සති කිහිපයකට පෙර දුම්රිය හා බස්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කර තිබෙන බවත්, දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ඉල්ලීම් වලට අදාළව කැබිනට් පත්‍රිකාවක් ද සකස් කර තිබිය දී ත්, වෘත්තීය සමිති විසින් ක්ෂනිකව ගත් තීරණයකට අනුව 09 රාත්‍රියේ සිට දුම්රිය වැඩවර්ජනයක නිරතව ඇති බවත්, ඔවුන් විසින් මෙරට නීතිය බරපතල ලෙස කඩ කර තිබෙන බවත් සඳහන් කළ අමත්‍යවරයා, දශක ගණනාවක සිට අමිහිරි අත්දැකීම් විදීමට මෙරට ජනතාවට සිදු වූ අතර කෙසේවුවත්, ප්රජාතන්ත්රවාදී ලෙස ඔවුන් කැමති ආණ්ඩුවක් තෝරාපත්කර ගැනීමට නියමිත වෙලාවට ඡන්දය පැවැත්වීමට මැතිවරණ කොමිසමට බලය ලබා දී ඇති අවස්ථාවක සියල්ල විනාශ කිරීමට ඇතැමුන් විසින් උත්සාහ දරන්නේ නම් රටේ ජනතාව වෙනුවෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා ආණ්ඩුව මැදිහත් වන බවත් හෙතෙම මෙහි දී අවධාරණය කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.