ලංකා බණ්ඩාරනායකගේ "මහසෝනා" චිත්‍රපටය ජූලි 4 සිට 14 දක්වා ජර්මනියේ පැවැත්වෙන Indo German Film Week. හිදී ප්‍රදර්ශනය කරන්න නියමිතයි.

දෙමවුපියන් අන්ධ භක්තියෙන් මිත්‍යා විශ්වාස පස්සේ දුවන එක ළමයින්ගේ ජීවිත වලට කොයිතරම් නරක විදිහට බලපාන්නේ ද යන්න "මහසෝනා" චිත්‍රපටයෙන් කතා කෙරෙන බව අධ්‍යක්ෂවරිය පවසයි.

ජර්මනියේ බර්ලින්හි වෙසෙන අයට චිත්‍රපටය සහ උළෙලේ අනෙකුත් චිත්‍රපට නැරඹීමේ හැකියාව ඇති අතර ජූලි 11 සහ 13 දෙදිනද දර්ශන වාර දෙකක් පැවැත්වේ.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.