සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.
ටෝගෝ රාජ්‍යය විසින් ඉදිරිපත් කර අප්‍රිකානු සංගමයේ සාමාජික රටවල සහාය ලැබූ “Correct the Map” යෝජනාවට රටවල් 164ක සහාය හිමිව ඇත. ප්‍රංශය සහ බ්‍රිතාන්‍යයද ඊට සහාය දුන් අතර, ඇමරිකාව පමණක් යෝජනාවට විරුද්ධව ඡන්දය දී තිබේ. රටවල් හයක් ඡන්දය දීමෙන් වැළකී ඇත.
මෙම එක්සත් ජාතීන්ගේ ඡන්ද විමසීම නීත්‍යානුකූලව බැඳී නොසිටියද, ලොව පුරා ආයතන භාවිත කරන සිතියම්වල වෙනස්කම් සිදු කිරීමට එය මඟ පෙන්වනු ඇත.
16 වැනි සියවසේ සිට බහුලව භාවිත වන Mercator සිතියම් ක්‍රමය සම්බන්ධයෙන් දිගු කලක් තිස්සේ විවේචන එල්ල වී තිබේ. එම සිතියමේදී අප්‍රිකාව ග්‍රීන්ලන්තයට සමාන ප්‍රමාණයකින් පෙනෙන නමුත්, සැබෑවටම අප්‍රිකාව ග්‍රීන්ලන්තයට වඩා 14 ගුණයකින් විශාලය.
විවේචකයන් පෙන්වා දෙන්නේ මෙවැනි සිතියම් නිරූපණ හේතුවෙන් සමකයට ආසන්න රටවල සංවර්ධන අවශ්‍යතා සහ ආර්ථික හැකියාවන් අවතක්සේරු වීමට ඉඩ ඇති බවයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්ය නිකේතන් ප්රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.