අදත් බස් ධාවනයේ
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහට පසුගිය සතියේදී බාරදී ඇත.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කතානායකවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.
තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් වූහ.
කෙසේ වෙතත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
මෙම වාහන බලපත්‍රය පිළිබඳ කාරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී ඒ පිළිබඳ විරෝධය පළ කළ බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිවිය.
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මගී අවශ්‍යතාවය මත අද (14) දිනයේ ද සීමිත බස් රථ සංඛ්‍යාවක් ධාවනයේ යෙදවීමට සැලසුම් කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
දිනාගත් ජයග්‍රහණ වඩාත් ශක්තිමත් කරන අතරම, උද්ගතව ඇති අභියෝග මතින් නොසැලී පියමං කරමින් ‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ සැමට උරුම කර දීමට සහෝදරත්වයෙන් අත්වැල් බැඳ ගැනිමට එක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14) පූර්ව භාග 09.32ට උදාවිය.