ඔස්ට්‍රේලියාවේ වෙඩි තැබීමකින් 12 දෙනකු මරුට
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් එක් වෙඩික්කරුවෙකුද ඇතුළුව 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රංශ මහ මැතිවරණයෙන් විපක්ෂ නායිකා මෙරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ජාතික පක්ෂයට ජය හිමිවනු ඇතැයි පශ්චාත් මැතිවරණ සමීක්ෂණවලින් තහවුරු වී ඇත.
ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ එරට පාර්ලිමේන්තුව හෙවත් ජාතික මන්ත්‍රණ සභාවේ ආසන 577 ට නියෝජිතයන් තෝරා ගැනීම සඳහාය. මැතිවරණය අදියර දෙකකින් පැවැත්වෙන අතර, ඊයේ (30) පැවැත්වූයේ පළමු අදියරය. දෙවැනි අදියර ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතය.
ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, හදිසි මැතිවරණයකට යෑමට තීරණය කර, පාර්ලිමේන්තුව විසුරුවා, මැතිවරණය පැවැත්වූයේ යුරෝපා සංගම් පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමිනි.
(ඒ.එෆ්.පී.)
lankadeepa.lk
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන්ඩි නම් වෙරළාශ්‍රිතව අද (14) දහවල් සිදුකළ තිබූ සමූහ වෙඩි තැබිමෙන් එක් වෙඩික්කරුවෙකුද ඇතුළුව 12 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
පසුගිය වසරේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට එරෙහිව දරුණු මර්දනයක් ගෙන යාම සම්බන්ධයෙන් බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනාට එරට අධිකරණයක් විසින් මරණ දඬුවම නියම කර තිබේ.