පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මේ වන විට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට රැගෙන විත් තිබේ.

අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව නඩුකරය අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම ඉදිරියේ කැඳවීමට නියමිතය.

එම නඩුවට ඉදිරිපත් කිරීම සඳහා සැකකාර නාමල් රාජපක්ෂ බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට රැගෙන විත් තිබුණි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.