මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රබල සුළි කුණාටුවක් චීනයේ ෂැංහයි නුවර ආසන්නයට කඩා වැදී තිබේ.
බෙබින්කා සුළි කුණාටුව සඳුදා (16) එරට වේලාවෙන් උදෑසන 7:30 ට පමණ ෂැංහයි නුවර නැගෙනහිරට වන්නට පිහිටි ලින්ගං නගරයේ වෙරළබඩ ප්‍රදේශයට කඩාවැදුණු බව චීන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ෂැංහයි හි පදිංචිකරුවන් දහස් ගණනක් ඉවත් කර ඇති අතර නගරයේ ප්‍රධාන ගුවන් තොටුපල දෙකේ සියලුම ගුවන් ගමන් නවතා ඇත.
වසර 75කට පසු ෂැංහයි නගරයට බලපෑ ප්රබලතම කුණාටුව බෙබින්කා සුළි කුණාටුව බව චීන රාජ්‍ය මාධ්‍ය පවසයි.
සුළි කුණාටුවේ අක්ෂයෙන් පැයට කිලෝමීටර 151 (පැයට සැතපුම් 94) දක්වා සුළගේ වේගයක් වාර්තා වූ බැවින් බලධාරීන් විසින් ඉහලම මට්ටමේ රතු අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත.
මේ මාසයේ චීනයේ දකුණු හයිනාන් දූපත හරහා ගමන් කළ තවත් සුළි කුණාටුවක් වන යාගි නිසා එරට තුල අවම වශයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මිය ගොස් 95 දෙනෙකු තුවාල ලැබීය.
යාගි සුළි කුණාටුව නිසා අග්නිදිග ආසියාවේ දරුණු ගංවතුර තත්වයන් ඇති වූ අතර වියට්නාමයේ සහ මියන්මාරයේ මිනිසුන් සිය ගණනක් මිය ගොස් තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.