CLOSE

පුවත්

ජනාධිපතිවරණයට එරෙහි දෙවැනි පෙත්සමත් විසිවෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය විධිමත්ව සම්මත කර නොමැති නිසා එය ජනමත විචාරණයකින් අනුමත වන තුරු ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම රුපියල් ලක්ෂ 05 ක නඩු ගාස්තුවට යටත්ව විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියම කළා.

Read More

ඩොලර් හොයන ක්‍රම 5න් හොඳම එක මෙන්න - නලින්

මෙරටට ඩොලර් සොයා දීමට ඇති ක්‍රම පහෙන් වේගයෙන්ම මැදිහත්වීමට හැකි ක්ෂේත්‍රය සංචාරක ව්‍යාපාරය බව ජාතික ජන බලවේගයේ දේශපාලනික සභික නලින් හේවගේ පවසයි.

Read More

පාස්කු ප්‍රහාරය: අගෝස්තු 30ට පෙර වන්දි ගෙවා අවසන් කරන්න: මෛත්‍රීට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට අදාළව වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන , හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්ධන ගෙවීමට නියමිතව ඇති වන්දි මුදල් අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජුලි 15 වැනිදා) නියෝග කළේය.

Read More

රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සභාපති අත්අඩංගුවට ගැනීමේ සූදානමක්

රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ ව්‍යාපාර විශ්ලේෂිකාවකට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එහි සභාපති සේන යද්දෙහිගේ මෙරටට පැමිණීමෙන් පසු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

Read More

ජනපතිවරණය ගැන ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම අද

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් නීතිඥ අරුණ ලක්සිරි ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(15) සලකා බැලීමට නියමිත ය.

Read More

වත්කම් බැරකම් නොදුන් ඇමති-මන්ත්‍රී වැටුපට වෙන්න යන දේ

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම මස අවසන් වීමට ප්‍රථම එම තොරතුරු ලබාදෙන ලෙස පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසන් නිවේදනය නිකුත් කර තිබේ.

Read More

ත්‍රිරෝද රථ ගාස්තු ගැන අලුත්ම ආරංචිය මෙන්න

බස්නාහිර පළාත තුළ ත්‍රිරෝද රථ ප්‍රවාහන ගාස්තු අද (15) සිට අඩු කරන බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතිය ප්‍රකාශ කරයි.

Read More

කොළඹ පාතාලය පෝස්ටර් යුද්ධයක

ක්ලබ් වසන්ත ගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී ඇතැයි ආරක්ෂක අංශ කියයි.

Read More

දීඝවාපී සෑ ගර්භයේ සර්වඥ ධාතුන් තැන්පත් කිරීම ජනපති මූලිකත්වයෙන්

සම්මා සම්බුදු රජාණන් වහන්සේ ලක්දිවට වැඩමවා වදාළ පරම පුජනීය සොළොස්මස්ථාන අතරින් ප්‍රමුඛස්ථානයක් ගනු ලබන ඓතිහාසික දීඝවාපිය චෛත්‍ය රාජයාණන් වහන්සේගේ ගර්භයේ සර්වඥ ධාතූන් සහ නිධන් වස්තු තැන්පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ සහභාගිත්වයෙන් අද (14) පෙරවරුවේ සිදුවිය.

Read More