CLOSE

පුවත්

ප්‍රදේශ කිහිපයකට වැසි

ප්‍රදේශ කිහිපයකට වැසි

අද (6) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ශ්‍රීලනිප බහුතර සහය ජනාධිපතිට - ලසන්ත අලගියවන්න

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කළ බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැබූ පිරිස 17 දක්වා ඉහලට

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දහහත් දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

මැතිවරණ කොමිසමෙන් විශේෂ දැනුම් දීමක්

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි ඡන්දහිමියන්ට දිවයිනේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට පහසුකම් සලසා ඇතැයි යනුවෙන් සංසරණය වන පුවත අසත්‍ය බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කරයි.

Read More

සර්වජන බලයේ අපේක්ෂකයා අද (4) එළියට

සර්වජන බලය පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන වග අද (4) පස්වරු 3ට එම සන්ධානය විසින් පවත්වනු ලබන සමුළුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Read More

කුවේට් හි දී අත්අඩංගුවට පත් කලාකරුවෝ නිදහස්

'එතෙර අපි' නැමැති සංවිධානය මගින් කුවෙට්හි දී පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.

Read More