දෙනියාය පාසල් වසා දැමුණු උණ රෝගයට හෙළිවෙයි
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.
ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණ සිටි හිටපු මන්ත්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් පළ කරමින් පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.
එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මෙහිදී පැවසීය.
"මම මාධ්‍යවේදියෙක් අහනවා දැක්කා සීවලී අලුත්ගොඩ මහත්තයාගෙන් වැරදි විදියට බහාලුම් පිටකරපු නිලධාරීන්ට ලබාදෙන දඬුවම මොකක්ද කියලා. අනේ ඒ අහිංසකයා අසරණ වුණා. මොකද හොරාගේ අම්මගෙන් පේන ඇහුවත් හොරාගෙන් පේන අහන සිරිතක් නෑ. සීවලී අලුත්ගොඩ තමයි බහාලුම් නිදහස් කරන තීන්දුව ගත්ත කමිටුවේ සභාපතිවරයා. බහාලුම් නිදහස් කරපු මනුස්සයගෙන් අහනවා. ඒ අයට දඬුවම් කරන් නැද්ද කියලා."
"නිලධාරීන් රටින් පැනීමේ සුදානමක් තියනවා. බෙල්ජියමට සහ ඔස්ට්‍රේලියාවට. ඒ නිසා ඒ අයට විදෙස් ගමන් තහනමක් පනවන්න කියලා අපි CID එකෙන් ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා.
තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඔහු මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.