විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දිවයින පුරා මී උණ රෝගීන් ඉහළ යාමේ ප්‍රවණතාවක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා සඳහන් කළේ, රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලින් වැඩි වශයෙන් රෝගීන් වාර්තා වන බවය.
"මේ රෝගය බෝවෙන්නේ බැක්ටීරියාවකගෙන්. විශේෂයෙන් ක්ෂීරපායි සතුන්ගේ මූත්‍රා මඟින්. ඇත්තම කියනවා නම් මීයන්ගේ තමා මුත්‍රා පද්ධතියේ මේ බැක්ටීරියාව ජීවත් වෙන්නේ. මීයන් වතුර බොන අවස්ථාවන්වලදී මුත්‍රා ජලයට මුසු වෙනවා. එහෙම නැත්නම් පසට මුසුවෙනවා. ඒ පසෙන් හෝ ජලයෙන් අපි නිරාවරණය වුණොත් මිනිස්සුන්ට මේ රෝගය බොහෝදුරට වැලඳෙනවා. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම රත්නපුර, කුරුණෑගල, කෑගල්ල, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල මේ රෝගීන් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. ඒ එක්කම අවධානම් කණ්ඩායම් ගැන අපි කතා කළොත් වී ගොවීන්, සමහර දිස්ත්‍රික්කවල පතල් කර්මාන්තයේ නියැලෙන අය, ගංවතුරට ආවරණය වුණොත් සහ කීරකොටුවල වගා කටයුතු නියැලෙන්නන් පෙන්වා දිය හැකියි."
මේ අතර මේ දිනවල ළමුන් අතර පැතිර යන උණ රෝගී තත්ත්වයන් සම්බන්ධයෙන් එම මාධ්‍ය හමුවේ දී කොළඹ රිජිවේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය කෝසල කරුණාරත්න මෙලෙස පැහැදිලි කළේය.
"මේ දවස්වල ළමයින්ගේ අතර තද උණ රෝග පැතිරෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි. මොකද මෝසම් වැසි සමඟ උණ රෝග කිහිපයක් පැතිරෙනවා. හැම අවුරුද්දේම. ඒවට අපි කියන්නේ සවර් ෆීවර් කියලා. ඒ ප්‍රධාන කාණ්ඩයේ අපිට වැදගත්ම වෙන්නේ ඩෙංගු, මී උණ, ඉන්ෆ්ලුවෙන්සා සහ විකුන්ගුන්යා මෙන්ම උණ සමඟ එන පාචනය. මට දෙන්න ඕන ලොකුම පණිවුඩය තමා දරුවාට තද උණ සමග වමනය යනවා නම්, බඩ රිදෙනවා නම්, මුත්‍රා පිටවීමේ අඩුවක් තියෙනවා නම් බල බල ඉන්න එපා ඉස්පිරිතාලෙකට යොමු වෙන්න."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.