CLOSE

ඩෙංගු මදුරු මර්දනයට විශේෂ වැඩසටහනක් ජුනි 08, 09 සහ 10 යන දිනවල දිස්ත්‍රික්ක 14ක සෞඛ්‍ය නිලධාරි කොට්ඨාස 74ක් ආවරණය කරමින් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඩෙංගු බෝවීමේ අධි අවදානමක් පවතින ප්‍රදේශ කෙරෙහි මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

මදුරුවන් බෝවීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ට එරෙහිව රතු නිවේදන නිකුත් කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට ද එහිදී පියවර ගනු ඇත.

මේ සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ සහාය ලබාගන්නා බව යි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.