CLOSE

පුවත්

අරුණ අද ඔලිම්පික් තරග බිමට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ධාවන ඉසව්ව සඳහා ශ්‍රී ලංකාව නියෝජන කරමින් අරුණ දර්ශන අද (06) පැවැත්වෙන එම ඉසව්වේ අවසන් පූර්ව වටයට එක්වීමට නියමිතයි.

Read More

ලයිල්ස් තත්පර 0.005කින් මීටර් 100 රන් පදක්කම හිමිකර ගත් අයුරු

2024 පැරිස් ඔලිම්පික් උළෙලේදී මීටර් 100 ධාවන ඉසව්වේ ශූරතාව, තත්පරයෙන් පන්දහසින් පංගුවකින් ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් වෙතින් උදුරාගෙන තමන් සතු කරගැනීමට එක්සත් ජනපදයේ නෝවා ලයිල්ස් සමත් විය.

Read More

විදුලිය සහ ඉන්ධන අත්‍යවශ්‍ය සේවා කරමින් ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලුම සේවා සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ඊයේ (05) දින ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ජනාධිපතිවරණයට අදාළ මාධ්‍ය උපමාන එළියට

ජනාධිපතිවරණය සඳහා වන මාධ්‍ය උපමාන මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය ද ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තා වේ.

Read More

ප්‍රදේශ කිහිපයකට වැසි

අද (6) දින බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

ශ්‍රීලනිප බහුතර සහය ජනාධිපතිට - ලසන්ත අලගියවන්න

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය දැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් තීන්දු කළ බවත් එම තීරණය පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බහුතරය ඇතුළු සමස්ත විධායක සභාවේ 90%ක එකඟතාවයෙන් ගනු ලැබූ බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පැවසීය.

Read More

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගන්නා කාලය දීර්ඝ කෙරේ

තැපෑලේ දී සිදුවිය හැකි ප්‍රමාදවීම සහ කොමිෂන් සභාව වෙත කරනු ලැබූ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්, ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් බාරගැනීමේ කාල සීමාව දීර්ඝ කර තිබේ.

Read More

බංග්ලාදේශයේ සිදු වන්නේ කුමක් ද?

බංග්ලාදේශ් අගමැතිනිය වන ශීක් හසීනා තම ධූරයෙන් ඉවත්ව ඩකා අගනුවරින් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබේ. විරෝධතාකරුවන් අගමැති මඳිරයට කඩා වැදෙන අවස්ථාවේ ඇය පලාගිය බව ඇතැම් වාර්තා දක්වන අතර ඇය ධූරයෙන් ඉවත් වූයේ හමුදාවෙන් ලබාදුන් අවසන් ඉල්ලීමක් අනුව බව තවත් මාධ්‍ය වාර්තා කර තිබුනි.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැබූ පිරිස 17 දක්වා ඉහලට

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දහහත් දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More