ගර්භණී කාන්තාවන්ට පෝෂණ දීමනාව අද සිට
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
2025 මැයි 06 පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින සංශෝධනය කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති ආර්. එම්. ඒ . එල්. රත්නායක සඳහන් කළේ අදාළ සංශෝධිත දින වන්නේ අප්‍රේල් මස 24, 25, 28 සහ 29 යන දිනයන් බවය.
"ඒ අනුව සියලුම රාජ්‍ය ආයතන, පොලීසිය, ත්‍රිවිධ හමුදාව, පාසල්, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ඇතුළු සියලූම ආයතන සඳහා තැපැල් ඡන්දය සලකුණු කිරීම අප්‍රේල් මාසයේ 24,25, 28 සහ 29 යන දින 4 තුළ සිදු කිරීමට තීරණය කර තිබෙනවා."
"කිසිදු වෙනස්කමක් නොමැතිව සියලූම රාජ්‍ය ආයතන සහ අනෙකුත් සියලුම ආයතනවල තැපැල් ඡන්ද දායකයින්ට මේ දින 4දී තමන්ගේ කාර්යාලයේදී අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා."
"ඒ වගේම මහනුවර සිරි දළදා වන්දනාව වෙනුවෙන් විශේෂ රාජකාරීවල යෙදී සිටින පොලීසියේ සියලුම නිලධාරීන් සඳහා විශේෂ තැපැල් ඡන්ද මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ පිහිටුවනු ලබනවා."
"ඒ වගේම ත්‍රිවිධ හමුදා නිලධාරීන් සඳහා ඒ ඒ හමුදා කඳවුරුවලදී නියම කරනු ලබන සහතික කිරීමේ නිලධාරියෙක් ඉදිරියේ මේ දින 4 තුළ තැපැල් ඡන්දය සලකුණු කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දී තිබෙනවා."
ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 339 සඳහාම සියලුම ඡන්දහිමියන් වෙත බෙදාහැරීමට නියමිත නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ඊයේ (16) දිනයේදී අදාළ තේරීම්භාර නිලධාරීන් විසින් තැපැල් දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර එම නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදීම මේ වනවිට ආරම්භ කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පවතින ආපදා තත්ත්වය සහ උත්සව සමය පාදක කරගනිමින් ගර්භණී කාන්තාවන්ට ලබාදීමට නියමිත රු 5,000ක පෝෂණ දීමනාව අද (16) සිට ලබාදීමට කටයුතු යොදා තිබේ.
ඌව, මධ්‍යම සහ වයඹ පළාත්වල පාසල් 640ක් හෙට (16) දිනයේ ආරම්භ කළ නොහැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංයේ ලේකම් නාලක කලුවැව පවසයි.
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි සිදුවූ වෙඩි ප්‍රහාර මාලාවෙන් එම ප්‍රදේශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් කිසිවෙකුටත් හානියක් සිදු ව නොමැති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසා තිබේ.