CLOSE

සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

ඒ අනුව, අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් වැඩසටහනේ පළමු අදියර යටතේ වයස අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටියන් 616,755 දෙනෙකු සඳහා රුපියල් මිලියන 3,083.755ක මුදලක් වෙන් කර තිබේ.

දෙවන අදියර යටතේද අවුරුදු 70 ඉක්මවූ වැඩිහිටි ප්‍රතිලාභීන් 79,063 දෙනෙකු වෙනුවෙන් රුපියල් මිලියන 395.315ක මුදලක් වෙන් කර ඇති බව එම මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව අදියර දෙක යටතේ වැඩිහිටියන් 695,818 දෙනෙකු සඳහා ගෙවීමට නියමිත මුළු මුදල රුපියල් මිලියන 3,479.07කි.

අදාළ ප්‍රතිලාභීන්ට ඔක්තෝබර් 1 වැනිදා සිට සිය වැඩිහිටි දීමනාව අස්වැසුම බැංකු ගිණුම් හරහා ලබාගැනීමට හැකි බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දෙයි.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.