CLOSE

රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ ‘Demerit System’ ක්‍රමවේදයේ සය මසක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අද (28) පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ මෙම නියමු වැඩසටහන ලබන වසරේ මාර්තු 31 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

මාර්ග අනතුරු අවම කිරීම සහ රථවාහන නීති පිළිපැදීම දිරිමත් කිරීමේ අරමුණින් මෙම ලකුණු අඩු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමට ප්‍රවාහන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

යෝජිත ක්‍රමවේදය යටතේ රියදුරන්ට වසර දෙකක කාලයක් සඳහා නිශ්චිත ලකුණු ප්‍රමාණයක් ලබාදෙන අතර, ඔවුන් විසින් සිදුකරන විවිධ රථවාහන නීති උල්ලංඝනය කිරීම් අනුව එම ලකුණු අඩු කිරීමට නියමිතය.

අදාළ නියමු ව්‍යාපෘතියේ ප්‍රතිඵල මත ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කිරීමට නියමිත බව අමාත්‍යාංශය සඳහන් කරයි.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.