දෙනියාය පාසල් වසා දැමුණු උණ රෝගයට හෙළිවෙයි
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
එළැඹෙන ජූනි මාසයේ සිට තවත් පවුල් ලක්ෂ 4කට අස්වැසුම ප්‍රතිලාභය ලබාදීමට රජය තීරණය කර ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
මන්නාරම ප්‍රදේශයේ අද (17) පැවති මහජන රැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.
"අවුරුදු 5, 6කට පස්සේ ලොකුම ඩොලර් සංචිතය අපිට තියෙනවා. මාස 6ක් තිස්සේ රුපියල හෙල්ලෙන්නේ නෑ. අපි තෙල් මිල අඩු කළා. විදුලිබිල අඩු කරා. අපි ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කටයුතු කරනවා. රාජ්‍ය සේවක පඩි වැඩි කරා. අස්වැසුම දීමනාව වැඩි කරා. ඒ විතරක් නෙමෙයි අලුතින් අස්වැසුමට ජූනි මාසයට අලුත් පවුල් ලක්ෂ 4කට ලබාදෙන්න කටයුතු කරනවා. පාසල් දරුවන්ට සියලු නිල ඇඳුම් දෙනවා. ළමයි 300ට වඩා අඩු පාසල්වලට සපත්තු ගන්න මුදල් දෙනවා. ළමුන් ලක්ෂ 16කට පාසල් පොත් ගන්න රු 6,000 බැගින් දුන්නා. ජනතාව බලාගන්න ආණ්ඩුවක්. ඒ විතරක් නෙමෙයි අපි අලුතින් අවුරුදු 5 - 6කට පස්සේ 30,000ක් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. මන්ත්‍රීවරු, ඇමතිවරු පස්සේ යන්න ඕන නෑ. පත්තරේ දානවා, විභාගයට වාඩි වෙන්න, වැඩිම ලකුණු ගන්න රස්සාව ලැබෙනවා. රාජ්‍ය සේවයේ දෙමළ භාෂාවෙන් කතා කරන අයගේ හිඟයක් තියෙනවා. පොලීසියෙත් එහෙමයි. ඒ නිසා අලුතින් පොලීසියට 2,000ක් බඳවා ගන්නවා. දෙමළ භාෂාව දන්න ඔබේ දරුවන්ව පොලිස් සේවයට බඳවන්න. ඒක ගෞරවාන්විත රස්සාවක්. අපේ රටේ නීතිය සාමය රකින්න තියෙන රස්සාව. තව පහසුකම් දෙනවා. රාජ්‍ය සේවයට දෙමළ භාෂාව පුළුවන් අය බැඳෙන්න. මේ රට අපි එකතු වෙලා හදමු."
උතුරේ යුද්ධය හේතුවෙන් ජනතාවගේ ඉඩම් ආණ්ඩුවට පවරා ගැනීමට සිදුවූ බවත්, ඇතැම් පාරවල් වසා දැමීමට සිදුව ඇති බවත් පැවසු ජනාධිපතිවරයා ඒ සියල්ල විසඳා ජනතාවට නිදහසේ තමන්ගේ වැඩකටයුතු කළ හැකි රටක් ජාතික ජන බලවේගය විසින් සකස් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෙනියාය අධ්‍යාපන කලාපයට අයත් පාසල් හතරක සිසුන් අතර වේගයෙන් පැතිර ගිය උණ රෝගයට හේතුව ජල මූලාශ්‍ර අපවිත්‍ර වීම බව සෞඛ්‍ය අංශ සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
ශ්‍රී ලංකාව ආශ්‍රීතව පවතින අඩුපීඩන කලාපය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.
"අපි හිතනවා අපේ නිර්දෝශීභාවය ඔප්පු කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි පරීක්ෂණ කටයුතුවලට සහයෝගය දෙන එක ඒ නිසා එන්න කියන ඕනෑම වෙලාවක එනවා", යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය.