වැඩිහිටි දීමනාව ගිණුම්වලට වැටෙන දිනය මෙන්න
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරීම මෙන්ම වඩාත් සුවපහසු සහ ආරක්ෂිත පොදු ප්‍රවාහන සේවාවක් සැපයීමේ අරමුණින්, බස්නාහිර පළාතේ මාර්ග 7ක් ඔස්සේ අලුතින් හඳුන්වා දුන් මෙට්‍රෝ බස් රථ 104ක් හෙට (29) සිට ධාවනයට එක් කිරීමට නියමිතව තිබේ.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කිරීමට නියමිත මෙම නව බස් රථ සේවාවේ මෙහෙයුම් සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව මෙට්‍රෝ බස් (Metro Bus) සභාපති එස්.එම්.යූ.පී. තිලකරත්න පවසයි.
මාර්ග 7ක් ඔස්සේ බස් ධාවනයට
මෙම නව බස් රථ කොළඹ කේන්ද්‍ර කරගත් මාර්ග 7ක් ඔස්සේ ධාවනය වන අතර, මගීන්ට නියමිත මාර්ග සහ වේලාවන් අනුව තම ගමනාන්ත වෙත ළඟා වීමට හැකි වන පරිදි සේවාවන් ක්‍රියාත්මක කෙරේ.
“මහජනතාවට සුවපහසුවෙන් සහ ආරක්ෂිතව තම ගමනාන්ත වෙත ළඟා වීමට උපකාර කිරීම සඳහා අපි මෙම බස් රථ සේවාව හඳුන්වා දෙන්නෙමු,” යනුවෙන් මෙට්‍රෝ බස් සභාපති පවසයි.
නව බස් රථ හඳුන්වා දීමේ ප්‍රධාන අරමුණක් වන්නේ කොළඹට ඇතුළු වන පෞද්ගලික වාහන සංඛ්‍යාව, විශේෂයෙන්ම එක් මගියෙකු පමණක් ගමන් කරන වාහන සංඛ්‍යාව, අවම කිරීම වන අතර දෛනික ගමනාගමනය සඳහා පොදු ප්‍රවාහන සේවාවන් භාවිතා කිරීමට මහජනතාව දිරිමත් කිරීම මගින් කොළඹ පවතින රථවාහන තදබදය විසඳීමට උපකාරී විය හැකි බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
සැප්තැම්බර් මාසයට අදාළ වැඩිහිටි දීමනාව ඔක්තෝබර් 1 වැනිදා ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු යොදා ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසයි.
රථවාහන නීති උල්ලංඝනය කරන රියදුරන්ගේ ලකුණු අඩු කිරීමේ ‘Demerit System’ ක්‍රමවේදයේ සය මසක නියමු ව්‍යාපෘතිය ලබන ඔක්තෝබර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
බද්දේගම, හල්පතොට ප්‍රදේශයේ නිවසකට අද (27) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි කාන්තාවක් හා පිරිමි පුද්ගලයෙක් තුවාල ලබා රෝහල්ගත කර තිබේ.