CLOSE

2026 ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ.

6වැනි වරට පැවැත්වෙන මෙවර තරගාවලියට Jaffna Kings, Galle Gallants, Kandy Royals , Dambulla Sixer සහ Colombo Kaps කණ්ඩායම් 5 ඇතුළත් වේ.

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ කොළඹ SSC ,ආර්. ප්‍රේමදාස , පල්ලෙකැලේ සහ රංගිරි දඹුල්ල යන ක්‍රීඩාංගණවලදී.

මෙතෙක් පැවති තරගාවලි 5න් 4ක් ජැෆ්නා කණ්ඩායම ජයගෙන ඇති අතර එක් තරගාවලියක් දඹුල්ල කණ්ඩායම ජයගෙන තිබේ.

ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ටයිටන්ස් කණ්ඩායම් අතර පළමු තරගය අද (17) රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි.

තරග පාවාදීමේ චෝදනාවට ජැෆ්නා කිංග්ස් හිමිකරු අත්අඩංගුවට

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ හිමිකරුවෙකු සහ තවත් අයෙකු තරග පාවාදීමේ චෝදනා මත ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය මගින් සැක පිට අත්අඩංගුවට ගෙන තිබේ.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ සම හිමිකරුවෙකු වන මන්ජොත් කල්රා සහ යුවරාජ් කුෂ්වහා යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් දෙදෙනාම ඉන්දීය ජාතිකයින් වේ.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.