රුමේෂ්ගෙන් ශ්‍රී ලංකාවට තවත් රන් ජයක්
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව හා සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පැවති දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජයපරාජයෙන් තොරව අද (27) අවසන් විය.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගය අවසන් වනවිට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 429ක් රැස්කරගෙන සිටියේ ය.
ඒ වන විට ඔවුන් ඉන්දීය පළමු ඉනිමට වඩා ලකුණු 216ක් ඉදිරියෙන් පසුවිය.
ශ්‍රී ලංකා දෙවන ඉණිම සඳහා අංක 6 පිතිකරු ලෙස පිටියට පිවිස සොනාල් දිනූෂ නොදැවී ලකුණු 133ක් රැස්කළේ පන්දු 264කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.
පසිඳු සූරියබණ්ඩාර ලකුණු 92ක්, කමිඳු මෙන්ඩිස් ලකුණු 55ක් සහ කේෂර නුවන්ත ලකුණු 46ක් රැස්කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.
මෙම තරගාවලියේදී ටෙස්ට් වරම් හිමිකරගත් නවක පිතිකරුවෙකු වන කේෂර නුවන්ත, සොනාල් දිනූෂ සමගින් එක්ව 7වන කඩුල්ල වෙනුවෙන් පන්දු 246කින් ලකුණු 112ක විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීය.
කෙසේ වෙතත්, දෙරට අතර පළමු තරගය ජයගැනීමට සංචාරක ඉන්දීය කණ්ඩායම සමත්වූ නිසා ඔවුන් තරගාවලිය තරග 1-0ක් ලෙස ජයගැනීමට සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආසියානු ක්‍රීඩා උලෙළේ හෙල්ල විසි කිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට රුමේෂ් තරංග සමත් විය.
ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ඉන්දීය කණ්ඩායමට හිමිවිය.
ස්විස්ටර්ලන්තයේ ලුසෑන්හි පැවති ඩයමන් ලීග් තරගාවලියේ පිරිමි හෙල්ල විසිකිරිමේ ඉසව්වේ ජය ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සමත් වී තිබේ.