CLOSE

PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

අද 21 නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීම මඟින් CVE-2026-109618 සහ CVE-2026-109619 යන ආරක්ෂක දුර්වලතා පිළිබඳව අවධානය යොමු කර ඇත.

අදාළ දුර්වලතා හේතුවෙන් PHP භාවිත කරන පද්ධති සයිබර් ප්‍රහාරවලට ලක්වීමේ අවදානමක් පවතින බැවින්, ඒවා නිසි ලෙස පරීක්ෂා කර ආරක්ෂක පියවර ගන්නා ලෙස CERT ආයතනය උපදෙස් දී තිබේ.

ඒ අනුව, PHP භාවිත කරන පද්ධතිවල ස්ථාපිත කර ඇති අනුවාද (versions) පරීක්ෂා කර, අවදානමට ලක්විය හැකි අනුවාද සඳහා අදාළ ආරක්ෂක යාවත්කාලීන (software patches) කඩිනමින් ස්ථාපනය කරන ලෙස දැනුම් දී ඇත.

එමෙන්ම, PHP සම්බන්ධ නිල වෙබ් අඩවිය වන www.php.net වෙතින් නිකුත් කරන ආරක්ෂක තොරතුරු සහ යාවත්කාලීන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස ද ශ්‍රී ලංකා CERT වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබේ.

අදාළ ආරක්ෂක දුර්වලතා පිළිබඳ තොරතුරු සම්බන්ධයෙන් අවධානය යොමු කරමින්, පද්ධතිවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස ද එම ආයතනය දැනුම් දෙයි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.