CLOSE

ජපානයේ නගෝයා නුවර පැවැත්වෙන පස්වැනි ආසියානු පැරාලිම්පික් ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා ගැනීමට එම්. සෆ්රාන් සමත්ව තිබේ.

T47 කාණ්ඩයේ පිරිමි දුර පැනීමේ ඉසව්වට සහභාගි වූ සෆ්රාන් මීටර් 6.55ක දක්ෂතාවක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම හිමිකර ගත්තේය.

එම ඉසව්වට එක් වූ සෙසු ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් වන යූසුප් සල්මාන් මීටර් 6.40ක දක්ෂතාවක් සමඟ සිව්වැනි ස්ථානයට පත්වූ අතර, මීටර් 6.11ක් දුර පැනගත් බුද්ධික ඉන්ද්‍රපාලට හිමි වූයේ පස්වැනි ස්ථානයයි.

මෙම ඉසව්වේ රන් පදක්කම මීටර් 7.11ක දක්ෂතාවක් දැක්වූ ඉන්දීය ක්‍රීඩක නිෂාද් කුමාර් දිනාගත් අතර, මීටර් 6.99ක දුරක් වාර්තා කළ උස්බෙකිස්තානයේ ඔමාද්බෙක් කසානොව් රිදී පදක්කමට හිමිකම් කීවේය.
 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.