CLOSE

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය, ඉදිරි පැය 24ක කාලය තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වීමේ හැකියාවක් ඇති බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන්, දිවයිනේ වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (21) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවේ.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.