යෝධසිංහ අවසන් පූර්ව වටයට
චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.
පැරිසියේ පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ''උතුරු කොරියාවේ'' ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස අත්වැරදීමකින් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් සමාව ඉල්ලා තිබේ.
ඉතා උද්යෝගිමත්ව, සිය රටේ ධජ වනමින් සේන් නදිය දිගේ දකුණු කොරියානු කණ්ඩායම යාත්‍රා කරන අවස්ථාවේ, ප්‍රංශ සහ ඉංග්‍රීසි නිවේදකයෝ විසින් ඔවුන් "ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය- උතුරු කොරියාවේ නිල නාමය" ලෙස හඳුන්වා දුන්හ.
කෙසේ වෙතත්, උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වාදීම එහිදී නිවැරදිව සිදු කර තිබුණි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) එහි නිල කොරියානු භාෂා X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙසේ සමාව අයැද සිටියේ ය: "සමාරම්භක උත්සවයේදී දකුණු කොරියානු නියෝජිත කණ්ඩායම හඳුන්වාදීමේදී සිදු වූ වරද සම්බන්ධයෙන් අපි දැඩි ලෙස සමාව අයැද සිටින්නෙමු."
දෙවෙනි ලෝක යුද්ධය අවසාන වීමත් සමග 1948 වසරේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමග කොරියාව දෙකඩ වී උතුරු කොරියාව බිහි වූ අතර දීර්ඝ කාලීනව දෙරට අතර උණුසුම්කාරී වාතාවරණයක් පවතී.
කොරියානු ජනරජය යන නිල නාමයෙන් හඳුන්වන දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 143 දෙනකු ක්‍රීඩා අංශ 21ක් නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙති.
2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලින් පසුව පළමු වරට තරගාවලිය නියෝජනය කරන උතුර මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකු ඉදිරිපත් කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.
මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.