PHP පද්ධතියේ ආරක්ෂක දුර්වලතා ගැන CERT අනතුරු අඟවයි
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
නිශ්චිත කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ඉදිරිපත් කිරීම අද (01) සිට අනිවාර්ය කර තිබේ.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ බැංකුවක හෝ මූල්ය ආයතනයක ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබාගැනීමේදී, මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී සහ මෝටර් රථ බලපත්රයක් අලුත් කිරීමේදී මෙම අංකය ඉදිරිපත් කළ යුතු බවයි.
ඊට අමතරව, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීම යන කාර්යයන් සඳහාද වලංගු TIN අංකයක් අවශ්ය වේ.
අදාළ කාර්යයන් සිදු කිරීමට පෙර ඉදිරිපත් කරන TIN අංකය වලංගුද යන්න වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දී තිබේ.
මේ වන විටත් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවාව ඔස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. තමන් සතුව ඇති TIN අංකයේ වලංගුභාවය පරීක්ෂා කරගැනීමේ පහසුකමද එම සේවාව හරහා සලසා ඇත.
එම තහවුරු කිරීම සාර්ථක වූ පසු TIN අංකය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව සඳහන් මුද්රිත පිටපතක්ද නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.
කෙසේ වෙතත්, වයස අවුරුදු 18 ඉක්මවූ සියලු පුද්ගලයන් TIN අංකයක් ලබාගත යුතු වුවද, එම සියලු දෙනා බදු ගෙවිය යුතු බවට පැතිර යන වාර්තා අසත්ය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, පුද්ගලයෙකුගේ වාර්ෂික ආදායම රුපියල් ලක්ෂ 18 ඉක්මවන්නේ නම් පමණක් ඔහු හෝ ඇය බදු ගෙවීමට යටත් වේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
PHP මෘදුකාංගය භාවිත කර නිර්මාණය කර ඇති පද්ධතිවල පවතින ආරක්ෂක දුර්වලතා සම්බන්ධයෙන් ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් සයිබර් ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
අන්තර්ජාලයේ වෙබ් අඩවි රැසක් ක්රියාත්මක කිරීම සඳහා භාවිත කරන PHP පරිගණක භාෂාවේ දශකයකට වැඩි කාලයක් හඳුනා නොගත් බරපතළ ආරක්ෂක දුර්වලතා කිහිපයක් කෘත්රිම බුද්ධිය (AI) භාවිතයෙන් හඳුනාගෙන තිබේ.
දැදුරු ඔය ද්රෝණියේ ඉහළ හා මධ්ය ප්රදේශවලට ඇදහැලුණු සැලකිය යුතු වර්ෂා තත්ත්වය හේතුවෙන් දැදුරු ඔයෙහි ජල මට්ටම ගංවතුර මට්ටමට ආසන්නව පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.