ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
පැරිසියේ පැවති ඔලිම්පික් සමාරම්භක උත්සවයේදී දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ''උතුරු කොරියාවේ'' ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස අත්වැරදීමකින් හඳුන්වාදීම සම්බන්ධයෙන් ඔලිම්පික් සංවිධායකයින් සමාව ඉල්ලා තිබේ.
ඉතා උද්යෝගිමත්ව, සිය රටේ ධජ වනමින් සේන් නදිය දිගේ දකුණු කොරියානු කණ්ඩායම යාත්‍රා කරන අවස්ථාවේ, ප්‍රංශ සහ ඉංග්‍රීසි නිවේදකයෝ විසින් ඔවුන් "ප්‍රජාතන්ත්‍රවාදී මහජන කොරියානු ජනරජය- උතුරු කොරියාවේ නිල නාමය" ලෙස හඳුන්වා දුන්හ.
කෙසේ වෙතත්, උතුරු කොරියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුන්වාදීම එහිදී නිවැරදිව සිදු කර තිබුණි.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) එහි නිල කොරියානු භාෂා X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් මෙසේ සමාව අයැද සිටියේ ය: "සමාරම්භක උත්සවයේදී දකුණු කොරියානු නියෝජිත කණ්ඩායම හඳුන්වාදීමේදී සිදු වූ වරද සම්බන්ධයෙන් අපි දැඩි ලෙස සමාව අයැද සිටින්නෙමු."
දෙවෙනි ලෝක යුද්ධය අවසාන වීමත් සමග 1948 වසරේ ඇති වූ අර්බුදකාරී වාතාවරණයත් සමග කොරියාව දෙකඩ වී උතුරු කොරියාව බිහි වූ අතර දීර්ඝ කාලීනව දෙරට අතර උණුසුම්කාරී වාතාවරණයක් පවතී.
කොරියානු ජනරජය යන නිල නාමයෙන් හඳුන්වන දකුණු කොරියාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 143 දෙනකු ක්‍රීඩා අංශ 21ක් නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වෙති.
2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙලින් පසුව පළමු වරට තරගාවලිය නියෝජනය කරන උතුර මෙවර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 16 දෙනකු ඉදිරිපත් කර ඇත.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.