CLOSE

දුම්බර බන්ධානාගාරය තුළදී වෙඩි වැදී රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ, බන්ධනාගාරයේ තාප්පයෙන් පලායාමට උත්සාහ කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් කළ වෙඩි තැබීමකින් එම රැඳවියා මියගොස් ඇති බවයි.

එලෙස මියගොස් ඇත්තේ, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මීට දින 10 කට පෙර බන්ධනාගාර ගතවූ ගලගෙදර ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි රැඳවියෙකි.

ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.