යෝධසිංහ අවසන් පූර්ව වටයට
චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.
හොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් ඉරිදා (11) රාත්‍රියේ පැවති 2024 පැරිස් ඔලිම්පික් සමාප්ති උත්සවයේදී Stade de France ක්‍රීඩාංගනයේ වහලයේ සිට කඹයක ආධාරයෙන් පහතට පනිමින් ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්කරන අන්දමේ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.
ලෙදර් ජැකට්ටුවක් සහ අත්වැසුම් වලින් සැරසී සිටි මිෂන්: ඉම්පොසිබල් තරුව උද්වේගකර ඉදිරිපත් කිරීම සිදුකළේ ප්‍රේක්ෂකාගාරයේ අත්පොලසන් මධ්‍යයේ ය.
2028 ඔලිම්පික් උළෙලට සත්කාරකත්වය සපයන ලොස් ඇන්ජලීස් නුවරට ධජය පැවරීම සනිටුහන් කිරීම සඳහා, කෲස් පැරිසිය හරහා එක්සත් ජනපදයට ගමන් කරන ආකාරය දැක්වෙන පූර්ව පටිගත කිරීමක් එහිදී ප්‍රදර්ශනය කෙරුණි.
පළමුවෙන් ඔහු ධජය රැගෙන මෝටර් බයිසිකලයක නැඟී පැරිසියේ වීදි දිගේ ගමන් කර, ගුවන් යානයක නැඟී ඇමරිකා එක්සත් ජනපද වෙත ගොස් ඉහල අහසේ සිට බිමට පනින ආකාරයත්, ඉන්පසු ධජය එක්සත් ජනපද බයිසිකල් ධාවන ශුරියක අතට ලබාදෙන ආකාරයත් එම වීඩියෝවේ දැක්වේ.
එහිදී ඔහු ජනප්‍රිය හොලිවුඩ් සලකුණ වෙත ගොස් ඔලිම්පික් වර්ණ දක්වමින් 2028 ලොස් ඇන්ජලිස් නුවර වෙත මීළඟ ඔලිම්පික් උළෙල එන බවට පණිවිඩය ලොවට ගෙනයයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
චීනයේ නැන්ජින් හී පැවත්වෙන ලෝක ගෘහස්ත මලල ක්‍රීඩා ශුරතවලියේ පිරිමි මීටර් 60 ධාවන ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට චමෝද් යෝධසිංහ අද (21) සමත්ව තිබේ.
මෙවර ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්විය.
සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා නවසීලන්ත කාන්තා කණ්ඩායම අතර පැවති දෙවන 20යි 20 තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් ලැබීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම සමත් විය.