CLOSE

වත්මන් ආණ්ඩුව පෙරහැරකට හෝ ආරක්ෂාව ලබාදිය නොහැකි ආණ්ඩුවක් බව ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කලේ ඊයේ (26) පාදුක්ක ප්‍රදේශයේ රැස්වීමක් අමතමිනි.

"මම දැක්කා මාධ්‍යයේ යනවා, පොලිස්පතිවරයා දෙවිනුවර දේවාලයේ කාවඩි නැවැත්තුවා අපේ හාමුදුරුවනේ. අපේ ගමේ පෙරහැරේ සංස්කෘතික අංගයක්, දෙවිනුවර පෙරහැර, කුඩාවැල්ල පෙරහැර කාවඩි නැතුව අපේ හාමුදුරුවනේ පෙරහැර නැහැ වගේ. හැබැයි ආරක්ෂාව දෙනවා වෙනුවට මොකක්ද කරන්නේ? කාවඩි නවත්තනවා. පොලීසියට බැරිද ආරක්ෂාව දෙන්න? පොලිස්පතිවරයාට එතරම් තමන්ගේ පොලීසිය සහ ආණ්ඩුව සැකයිද?

​ඒකත් දිසාපතිවරයාගේ පිට දාන්නේ, අහුවෙන්නේ දිසාපතිවරයා. බැනුම් අහන්නේ දිසාපතිවරයා. පොලිස්පතිවරයා ඒකෙත් අත හෝදගන්නවා.

​ඉතිහාසයේ පළවෙනි වතාවට, යුද්ධය යන කාලෙත් පෙරහැරවල් වල කාවඩි ගියා. එල්ටීටීඊ  ත්‍රස්තවාදීන් මේ රටේ අවුරුදු 30ක් යුද්ධ කරපු කාලේ, මේ 2009 යුද්ධයේ අවසාන කාලයේ පවා අපේ ගම්වල පෙරහැරවල් වල කාවඩි ගියා. ආණ්ඩුව ඒකට ආරක්ෂාව දුන්නා. ආණ්ඩුව ඒක රැක්කා. ඒ පෙරහැරේ යන බැතිමතුන්ව, බලන්න එන, නැටුම් කණ්ඩායම්, අලියන් ආරක්ෂා කරා. නෙමෙයි නම් ආරක්ෂා කරා, හැබැයි අද ආණ්ඩුවට ඒක කරගන්න බැරි වෙලා තියෙනවා.

​එහෙම නම් දෙවිනුවර දේවාලයේ පෙරහැරටත් අත්වුනේ එවැනි ඉරණමක් නම් අපේ හාමුදුරුවනේ, අද සංවිධානාත්මක අපරාධකරුවන් මේ රට පාලනය කරන විදියට ඔබ අපට තව මොන කතාද? ඔබ අපට තව මොන කතාද?

පොලිස්පතිවරයා අපිටත් ලියුමක් එවලා ගියා තමන්ගේ ආරක්ෂාව තමන් සපයාගෙන පැත්තකට වෙලා ඉන්න කියයි.
​ඒ තැනට අද මේ රටේ පුරවැසියාව මර්දනය කරලා තියෙනවා. අද දෙමව්පියෝ හවස වෙනකොට බයේ ඉන්නේ ඩෙංගු නිසා. කඩමන්ඩියට යන්න බයයි, ටවුන් එකට යන්න බයයි, කොයි වෙලාවේ වෙඩි තියාගනීද, මංකොල්ල කයිද කියලා දන්නේ නැහැ.​හැබැයි ආරක්ෂක නියෝජ්‍ය ඇමති විපක්ෂය මර්ධනය කරන්න තමන්ගේ කාලය වැය කරනවා." 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.