පාස්පෝට් ගන්න ඉන්න අයට දැනුම්දීමක්
හිස් විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණය සීමිත වීම නිසා විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සීමා කර ඇති බවත් ඒ හේතුවෙන් අත්‍යවශ්‍යම හේතුවක් මත පමණක් විදේශ ගමන් බලපත්‍ර සඳහා අයදුම් කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය නිවේදනයක් නිකුත් කරමින් අද (26) පැවසීය.