වීදි සතුන් ගැන සුබ ආරංචියක්
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් (TRCSL) දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ (Number Portability -NP) සේවාව ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන බව එම කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම පිණිස පියවර කිහිපයක් ගෙන ඇති බවත් ඒ අනුව පළමුව කොමිෂන් සභාව විසින් දුරකථන ක්‍රියාකරු සමාගම් සමඟ සාකච්ඡා පවත්වා දුරකථන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා සැලැස්මක් සකස් කර ඇති බවත් කොමිෂන් සභාව කියා සිටියි.
2021 වසරේ දී මහජන උපදේශන පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කරන ලද අතර, අදාළ සියලුම පාර්ශ්වකරුවන්ගේ අදහස් මේ සඳහා ලබා ගෙන ඇත.
පසුව විදුලි සංදේශ ක්‍රියාකරුවන් සමඟ සාකච්ඡා කර සුදුසු තාක්ෂණික ආකෘතිය තීරණය කරන ලද අතර දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සහ පරිපාලනය කිරීම පිණිස සියලුම ස්ථාවර සහ ජංගම දුරකථන ක්‍රියාකරුවන්ගේ සහභාගීත්වයෙන් ලංකා නම්බර් පෝර්ටබිලිටි සර්විසස් (ගැරන්ටි) ලිමිටඩ් නමින් සමාගමක් ස්ථාපනය කර තිබේ.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය බලපත්‍රය ඒ අනුව මෙම සමාගම වෙත ප්‍රදානය කර ඇත.
දුරකතන ක්‍රියාකරු සමාගම් සමඟ සම්බන්ධීකරණයෙන් සකස් කරන ලද දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ රීති සහ මාර්ගෝපදේශ සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා දී තිබේ.
දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ ක්‍රමය ස්ථාපනය කිරීම සහ දුරකතන ක්‍රියාකරු සමාගම්වල ජාල වැඩිදියුණු කිරීම අවසන් වූ පසු දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාවේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.
ඉන් අනතුරුව, දුරකතන අංකය වෙනස් නොවී ජාල අතර මාරුවීමේ සේවාව සැපයීම ආරම්භ කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම සේවාව ක්‍රියාත්මක කිරීමේ කටයුතු සූදානම් වූ පසු, ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඒ් සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන බවද එම කොමිෂන් සභාව පවසයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බස්නාහිර පළාතේ වීදි සතුන් මුහුණ දෙන ගැටලු සඳහා තිරසාර විසඳුමක් ලබාදීමේ අරමුණින් එම සතුන් වෙනුවෙන් විශේෂ රැකවරණ මධ්‍යස්ථාන සහ සත්ව ආදාහනාගාර පහසුකම් ඇති කිරීමේ නව ව්‍යාපෘතියක් රජය ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාව සහ බෙලරුස් රාජ්‍ය අතර සෞඛ්‍ය සේවා පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පවසා තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි.