"වනස්පති'' ජාතික වැඩසටහනට සමගාමිව තවත් වනාන්තර 20ක් හෙට (26) රක්ෂිත ලෙස ගැසට් කරන බව පරිසර අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව නුවරඑළිය, කෑගල්ල, අම්පාර, බදුල්ල, වවුනියාව හා අනුරාධපුර යන දිස්ත්‍රික්ක තුළ පිහිටි වනාන්තර 20ක් රක්ෂිත ලෙස ගැසට් මගින් ප්‍රකාශයට පත් වන අතර එහි භුමි ප්‍රමාණය හෙක්ටයාර 9538කට ආසන්න වේ.

මෙම වැඩසටහන පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි ගේ අතින් නුවරඑළිය සදතැන්න වන විද්‍යාලයේදී හෙට පැවැත්වීමට නියමිතය.

මේ වන විට වත්මන් රජයේ පරිසර අමාත්‍යංශය  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග එක්ව වනාන්තර 93ක් රක්ෂිත ලෙස ගැසට් කර ඇති අතර හෙට දිනයේ ගැසට් වන රක්ෂිත සමග ඒවායෙහි මුළු භූමි ප්‍රමාණය හෙක්ටයාර 65,000කට ආසන්න වනු ඇත.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.