කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද ඇරඹේ
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
2026 නොවැම්බර් 1 වැනිදා සිට පුද්ගලයන් විසින් සිදුකරනු ලබන කාර්යයන් කිහිපයක් සඳහා වලංගු බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව බැංකු හෝ මූල්‍ය ආයතනවල ගිණුම් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමත කර ගැනීමේදී සහ මෝටර් රථයක් ලියාපදිංචි කිරීමේදී TIN අංකය ඉදිරිපත් කළ යුතු වේ. මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීමේදීද මෙම අවශ්‍යතාව අදාළ වේ.
එමෙන්ම ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීම සහ ණය කාඩ්පතක් ලබාගැනීම වැනි කාර්යයන් සඳහාද වලංගු TIN අංකයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ කාර්යයන් ඉටු කිරීමට පෙර TIN අංකය වලංගු බවට වගකිව යුතු නිලධාරීන් විසින් තහවුරු කරගත යුතු බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
මෙතෙක් TIN අංකයක් ලබාගෙන නොමැති පුද්ගලයන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඊ-සේවා පද්ධතිය ඔස්සේ ලියාපදිංචි වීමට හැකියාව පවතී.
TIN සඳහා ලියාපදිංචි වීම
දැනට තමන් සතුව පවතින TIN අංකය වලංගුද යන්නද ඊ-සේවා පද්ධතිය හරහා පරීක්ෂා කරගත හැකිය.
(https://eservices.ird.gov.lk/Registration/TINRegistration/ShowRequestHeader)
TIN අංකය තහවුරු කර ගැනීම
TIN අංකය සාර්ථකව තහවුරු කිරීමෙන් පසු එය තිරයේ දිස්වන අතර, පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකය සහ TIN අංකය පැහැදිලිව සඳහන් මුද්‍රිත පිටපතක්ද, අදාළ නිශ්චිත කාර්යයන් සඳහා නිල TIN සහතිකය වෙනුවට පිළිගත හැකි බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා දැනුම් දී තිබේ.
(https://eservices.ird.gov.lk/Registration/verifyirdinformation/index)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (25) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේදී (BMICH) ආරම්භ විය.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ පාර්ලිමේන්තු විවාදයේ අවසන් දිනය අදට (25) යෙදී තිබේ.
ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්යක්ෂ ජානකී සිරිවර්ධන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.