මියන්මාර භූ කම්පනයෙන් මියගිය ගණන 1600 ඉක්මවයි
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
යුක්තිය ඉටු කිරීම අවහිර කිරීම සහ ඩොලර් 300,000ක ට අධික වටිනාකමකින් යුත් ත්‍යාග භාණ්ඩ අනීතිකව ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ, සිංගප්පූරුවේ හිටපු අමාත්‍ය එස්. ඊශ්වරන්ට මාස 12ක සිරදඬුවමක් නියම වී තිබේ.
ඉන්දීය සම්භවයක් සහිත ඊශ්වරන් වසර 13 ක් තිස්සේ සිංගප්පූරු කැබිනට් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇත.
ඔහුට අමාත්‍ය ධුරය අහිමිවූයේ ද මෙම චෝදනා මුල්කොට ගනිමිනි.
ඔහුට එරෙහිව අල්ලස් දූෂණ චා්දනා රැසක් එල්ල වී ඇති අතර, මාස 12 ක සිරදඬුවම් නියම වූයේ එක් නඩු විභාගයක් සම්බන්ධයෙනි.
විත්තියේ නීතිඥයින් විසින් මාස 7ක ට නොවැඩි සිර දඬුවමක් ඉල්ලා සිටියද, අධිකරණය එය ප්‍රතික්ෂේප කළේ හිටපු අමාත්‍යවරයා විසින් සිදු කර ඇති වරදේ ස්වභාවය සහ එමගින් මහජන විශ්වාසය පලුදු කිරීමේ බරපතල විෂමාචාරය කිසිසේත් සුළු කොට තැකිය නොහැකි බව ප්‍රකාශ කරමිනි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
මියන්මාරයේ සිදුවූ භූ කම්පනයෙන් මිය ගිය සංඛ්‍යාව 1,644ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අමෙරිකාව, යේමනයේ හූති සටන්කාමීන් ඉලක්ක කර එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
ජර්මනියේ මැතිවරණයෙන් කන්සවේටිව් පක්ෂය ජයගෙන තිබේ.