විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වසර දෙකකින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශයෙන් අරඹන බව වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එන්. දේවප්‍රිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සියලුම විද්‍යාත්මක නිර්දේශ, ලංසු ඇගයීම් කමිටුවේ සහ ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුවේ (SHLPC) ස්වාධීන තීරණ මත South Asian Technologies (Pvt) Ltd ආයතනය වෙත වසර පහක කාලයක් සඳහා මෙම කොන්ත්‍රාත්තුව ප්රදානය කර ඇති බවද ඔහු සඳහන් කර ඇත.
2026 ජනවාරි 20 වැනිදා එම සමාගමට කොන්ත්‍රාත්තුව ප්රදානය කළ 2026 මාර්තු 10 වැනිදා ඒ සඳහා නිල වශයෙන් ගිවිසුම්ගත වූ බවත් වැඩ බලන මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමේ නීතිමය කොන්දේසිය වන්නේ ගිවිසුම්ගත වී මාස තුනක් (03) ඇතුළත එම කටයුතු ආරම්භ කළ යුතුය. කොන්ත්‍රාත්තු ප්රදානයේදී මුද්‍රණ කටයුතු ආරම්භ කිරීම සඳහා නිශ්චිත කාලරාමුවක් ලබාදී ඇත.
ඒ අනුව ගිවිසුම්ගත කොන්දේසි ප්‍රකාරව 2026 ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම මෙරට වාහන අංක තහඩු මුද්‍රණ කටයුතු නිල වශයෙන් ආරම්භ වන බවත් එම කටයුතු නියමිත දිනට ක්‍රියාත්මක කිරීම පිණිස අදාළ සමාගම විසින් මේ වන විටත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාල පරිශ්‍රය තුළ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවිකර එම කටයුතු අවසන් අදියරේ පසුවන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරේ කාවඩි නර්තනය සම්බන්ධයෙන් මතුව තිබූ මතභේදාත්මක තත්ත්වයට විසඳුමක් ලබා දෙමින්, පසුගිය වසරේ පෙරහැරට සහභාගි වූ කාවඩි නර්තන කණ්ඩායම් 45ටම මෙවරද එක්වීමට අවසර ලබාදීමට තීරණය කර තිබේ.
වන අලි කළමනාකරණ රාජකාරි කටයුතු හා අනෙකුත් ක්ෂේත්‍ර රාජකාරි අවශ්‍යතා සඳහා යොදා ගැනීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මිලදී ගත් ඩබල් කැබ් රථ 16ක් සහ යතුරු පැදි 181 ක් එම දෙපාර්තමේන්තුව වෙත සංකේතාමකව භාරදීම පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි විසින් අද (27) දෙපාර්තමෙන්තු පරිශ්‍රයේ දී සිදු කෙරිණි.