CLOSE

වාහන අංක තහඩු මුද්‍රණ කට­යුතු ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම නිල වශ­යෙන් අර­ඹන බව වැඩ බලන මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රාල් එන්. දේව­ප්‍රිය නිවේ­ද­න­යක් නිකුත් කර­මින් සඳ­හන් කරයි.

සිය­ලුම විද්‍යා­ත්මක නිර්දේශ, ලංසු ඇග­යීම් කමි­ටුවේ සහ ඉහළ මට්ටමේ ප්‍රස­ම්පා­දන කමි­ටුවේ (SHLPC) ස්වාධීන තීරණ මත South Asian Technologies (Pvt) Ltd ආය­ත­නය වෙත වසර පහක කාල­යක් සඳහා මෙම කොන්ත්‍රා­ත්තුව ප්‍රදා­නය කර ඇති බවද ඔහු සඳ­හන් කර ඇත.

2026 ජන­වාරි 20 වැනිදා එම සමා­ග­මට කොන්ත්‍රා­ත්තුව ප්‍රදා­නය කළ 2026 මාර්තු 10 වැනිදා ඒ සඳහා නිල වශ­යෙන් ගිවි­සු­ම්ගත වූ බවත් වැඩ බලන මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා සඳ­හන් කරයි.

මුද්‍රණ කට­යුතු ආරම්භ කිරීමේ නීති­මය කොන්දේ­සිය වන්නේ ගිවි­සු­ම්ගත වී මාස තුනක් (03) ඇතු­ළත එම කට­යුතු ආරම්භ කළ යුතුය. කොන්ත්‍රාත්තු ප්‍රදා­න­යේදී මුද්‍රණ කට­යුතු ආරම්භ කිරීම සඳහා නිශ්චිත කාල­රා­මු­වක් ලබාදී ඇත.

ඒ අනුව ගිවි­සු­ම්ගත කොන්දේසි ප්‍රකා­රව 2026 ජූනි 10 වැනිදා හෝ ඊට ප්‍රථම මෙරට වාහන අංක තහඩු මුද්‍රණ කට­යුතු නිල වශ­යෙන් ආරම්භ වන බවත් එම කට­යුතු නිය­මිත දිනට ක්‍රියා­ත්මක කිරීම පිණිස අදාළ සමා­ගම විසින් මේ වන විටත් මෝටර් රථ ප්‍රවා­හන දෙපා­ර්ත­මේ­න්තුවේ වේර­හැර කාර්යාල පරි­ශ්‍රය තුළ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර සවි­කර එම කට­යුතු අව­සන් අදි­යරේ පසු­වන බවත් මෝටර් රථ ප්‍රවා­හන කොම­සා­රිස් ජන­රා­ල්ව­රයා වැඩි­දු­ර­ටත් සඳ­හන් කරයි. 

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.