T20 ශ්‍රේණිගත කිරීම්වලින් ඉන්දීය කණ්ඩායමේ පෙරමුණේ : ලංකාව පල්ලම් බසී
T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉන්දියාවට එරෙහි තරගයට සහභාගී වන ලෙස පාකිස්තාන රජය එරට ක්‍රිකට් ආයතනයට දැනුම් දී තිබේ.
ඒ අනුව මෙම තරගය පෙබරවාරි 15 වැනිදා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී සැලසුම් කර තිබූ ලෙසම පැවැත්වෙනු ඇත.
මෙම තරගය වර්ජනය කිරීමේ තීරණය පිළිබඳ යළි සලකා බලන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාකිස්තාන රජයෙන් විශේෂ ඉල්ලීමක් කර ඇති අතර එම තීරණයට ප්‍රතිචාර දක්වමින් පාකිස්තානු රජය සිය තීරණය වෙනස් කර තිබේ.
ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පාකිස්තාන අගමැතිවරයා අතර ඊයේ (09) සිදුවූ දුරකතන සංවාදයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම ඉල්ලීම සිදුකර ඇත.
ශ්‍රී ලංකාව ත්‍රස්තවාදයෙන් දරුණුතම ලෙස පීඩා විඳිමින් සිටි අවස්තාවේදී පවා පාකිස්තානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට සහාය දුන් ආකාරය ද ජනාධිපතිවරයා මෙහිදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට සිහිපත් කර තිබේ.
ඊට ප්‍රතිචාර ලෙසින් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වෙත පවසා ඇත්තේ දෙරට අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සලකා, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ඉන්දියාවට එරෙහි තරගයට පකිස්ථාන කණ්ඩායම සහභාගී වීමට අනුමැතිය ලබා දෙන බවය.
පාකිස්තානය සිය තීරණය වෙනස් කිරීම සම්බන්ධයෙන් සිය X ගිණුමේ සටහනක් තබමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කර ඇත්තේ විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේදී උනන්දුවෙන් බලා සිටි ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සැලසුම් කර ඇති පරිදී පැවැත්වීමට එකඟත්වය පළ කිරීම සම්බන්ධව තමන් පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට ස්තූතිවන්ත වන බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
T20 වාර්ෂික කණ්ඩායම් ශ්‍රේණිගතකිරීම්වලට අනුව ලෝක ශූර ඉන්දීය කණ්ඩායම එහි පෙරමුණ තහවුරු කර ගැනීමට සමත්ව තිබේ.
2026 IPL තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු රැස්කළ වේගවත්ම ශතකයේ වාර්තාව අලුත් කිරීමට රයන් රිකෙල්ටන් ඊයේ (29) සමත් විය.
රාජ්ෂාහි හි පැවති තුන්වන සහ අවසාන එක්දින තරගයේදී බංග්ලාදේශ කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම කඩුලු 7 කින් පරාජය කරමින් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ශක්තිමත් තරගාවලි ජයක් ලබා ගත්තේ ය.