සරම්ප නිසා බංග්ලාදේශයේ ළමුන් දහසකට වඩා මරුට
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
ඇමරිකානු නාවික හමුදාවේ USS Abraham Lincoln නෞකාව තායිලන්තයේ පතායා සංචාරක නගරය ආසන්න Laem Chabang වරායට පැමිණීමට නියමිතව තිබීමත් සමඟ එම ප්‍රදේශයේ පොලිස් ආරක්ෂාව දැඩි කර තිබේ.
නෞකාව සමඟ පැමිණෙන ඇමරිකානු නාවිකයන් සහ මැරීන් භටයින් 5,000කට වැඩි පිරිසක් පතායා වෙත පැමිණීමට නියමිත අතර, ඔවුන් දින 200කට වැඩි කාලයක් මුහුදේ රැඳී සිටීමෙන් පසු විවේක ගැනීම සඳහා මෙම වරාය සංචාරය සිදුකරන බව වාර්තා වේ.
නෞකාව බදාදා Laem Chabang වරායට ළඟා වීමට නියමිත ය.
මෙම සංචාරය හේතුවෙන් පතායා නගරයේ ආර්ථිකයට සැලකිය යුතු ප්‍රතිලාභයක් ලැබෙනු ඇතැයි ප්‍රාදේශීය බලධාරීන් අපේක්ෂා කරයි. විශේෂයෙන්ම ඇමරිකානු හමුදා සාමාජිකයන් විශාල පිරිසක් නගරයේ හෝටල්, ආහාරපාන, සාප්පු සහ විනෝදාස්වාද සේවා භාවිත කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
කෙසේ වෙතත්, ඔවුන්ගේ පැමිණීමත් සමඟ ලිංගික ශ්‍රමික ව්‍යාපාර සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට තායි බලධාරීන් කටයුතු කර තිබේ. පතායා හි ප්‍රධාන වෙරළ තීරය සහ රාත්‍රී විනෝදාස්වාද කලාප ආශ්‍රිතව අමතර පොලිස් මුර සංචාර ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර, පසුගිය සති අන්තයේ සිදුකළ වැටලීම්වලදී ලිංගික ශ්‍රමික ව්‍යාපාරයට සම්බන්ධ බවට සැක කෙරෙන පුද්ගලයන් 40–50 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ.
USS Abraham Lincoln නෞකාව මැද පෙරදිග දිගුකාලීන මෙහෙයුමකින් අනතුරුව ඇමරිකාව බලා යන අතරතුර සිංගප්පූරුව පසුකර තායිලන්තය වෙත පැමිණෙමින් සිටී.
ඇමරිකානු නාවික හමුදාවේ විශාලතම යුද නෞකා අතරට අයත් මෙම ගුවන් යානා ප්‍රවාහන නෞකාව, ඉරානයට එරෙහි ඇමරිකානු හමුදා මෙහෙයුම්වලටද සම්බන්ධ වී ඇති අතර, එහි නවතම මෙහෙයුම අතරතුර දින 250කට වැඩි කාලයක් අඛණ්ඩව මුහුදේ රැඳී සිටීම ද විශේෂත්වයකි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශය පුරා පැතිර යමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් ළමුන් 1,000කට අධික පිරිසක් මියගොස් ඇති අතර, හදිසි එන්නත්කරණ වැඩසටහනක් ක්‍රියාත්මක කළද නව ආසාදිතයන් වාර්තා වීම යළි ඉහළ යමින් පවතී.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.