ඊයේ බන්ධනාගාරය තුල හටගත් නොසන්සුන්කාරී වාතාවරණයෙන් පසු අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණි.
කෙසේ නමුත් මේ වනවිට යළි එහි නොසන්සුන් තත්ත්වය නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි.
බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වීඩියෝ දර්ශනවල දැක්වෙන්නේ පොලිසිය සහ විශේෂ කාර්ය සාධක බලකාය (STF) තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කරන ආකාරයයි.
ඊයේ දින මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර හටගත් ගැටුමෙන් දෙදෙනෙකු මරණයට පත්ව 38 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්රතිකාර ලබන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
..