අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු ඕමානයේදී අත්අඩංගුවට ගෙන තිබූ අතර, පසුව මස්කට් නුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ඒමට කටයුතු කර තිබුණි.
කොළඹ 15, මෝදර, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි දිමුතු චතුරංග පෙරේරා, 2025 මාර්තු 22 වැනිදා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරමින් ඕමානයට පලාගොස් ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබලදීම ඇතුළු බරපතළ අපරාධ රැසක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බව පොලිසිය සඳහන් කරයි. ඊට අමතරව අත්බෝම්බ ළඟ තබාගැනීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධ චෝදනා ද ඔහුට එල්ල වී තිබේ.
කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ සැකකරු දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාශය වෙත භාරදී ඇත.