පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පළමු වැනි ස්ථානය ලබා ගැනීමට රුමේෂ් තරංග සමත්වී තිබේ.

ඒ , ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා ගනිමිනි.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් තරංග පසුගියදා සමත් විය.

එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද ඔහු.

අරවින්ද සොයිසා

ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.