ශ්‍රී ලංකාවට ලකුණු 51ක පරාජයක්
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම සමග පැවති පළමු එක්දින තරගය කඩුලු 06කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද (ජුනි මස 15 වැනිදා) සමත් විය.
තරගය පැවැත්වුනේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීය.
කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු ගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට අවස්ථාව හිමි වුණි.
කොදෙව් පිතිකාරිණියන් අසරණ වූ හැටි
තරගයේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් කොදෙව් කණ්ඩායමේ පිතිකාරිණියන්ට රිසි සේ ලකුණු රැස් කිරීමට ඉඩ ලබා නොදීම කැපී පෙනෙන සිදුවීමක් විය.
ආරම්භක පිතිකාරිණියක් වන රෂාඩා විලියම්ස් ගේ ඉනිම ලකුණු 06 කට සීමා කළ අචිනි කුලසුරිය කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගත්තේ ඔවුන්ගේ ලකුණු පුවරුවේ මුළු ලකුණු සංඛ්‍යාව 07ක් ලෙස සටහන්ව තිබියදීය.
ඉන් පසුව පිටියට පැමිණි ෂෙමයින් කැම්බල්, හෙයිලි මැතිව්ස් සමග එක්වෙමින් කොදෙව් කණ්ඩායමේ දෙවන කඩුල්ල සඳහා ශක්තිමත් ලකුණු 68ක සබඳතාවයක් ගොඩ නැගීමට සමත් විය.
කොදෙව් ඉනිමේ 19 වන පන්දු වාරය යැවු සුගන්ධිකා කුමාරි ලකුණු 38ක් රැස් කරගෙන සිටි හෙයිලි මැතිව්ස් ගේ කඩුල්ල සහ ලකුණු 27ක් රැස් කරගෙන සිටි ෂෙමයින් කැම්බල් ගේ කඩුලු දෙක දවා ගැනීමට සමත් වූවාය.
ඒ වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ලකුණු පුවරුව දිස්වුයේ ලකුණු 76 කට කඩුලු 03ක් ලෙසය.
ඉක්මන් කඩුලු දෙකක් දැවී යාමෙන් පසු පිටියට එක්වූ නතාෂා නේෂන් සහ ස්ටෙෆනී ටෙලර් සමග එක්වී 04 වන කඩුල්ල සඳහා ලකුණු 33ක් එක් කිරීමට සමත් විය.
කෙසේ වුවත් බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ 27 වන පන්දු වාරයේදී නාතාෂා නේෂන් ලකුණු 06 කට කවීෂා දිල්හාරි ගේ පන්දුවක් හමුවේ දැවී යන ලදී.

නැවතත් ක්‍රියාත්මක වූ කවීෂා දිල්හාරි විසින් 33 වන පන්දු වාරයේදී ලකුණු 13ක් රැස් කරගෙන සිටි චිනෙල් හෙන්රි ගේ කඩුල්ල දවා ගත් අතර කොදෙව් ඉනිමේ ලකුණු පුවරුව ඒ වන විට දිස්වුයේ කඩුලු 05ක් දැවී ලකුණු 127ක් ලෙසය.
කඩා වැටුණු කොදෙව් ඉනිම නැවත යථා තත්ත්වයට පත් කිරීමට උත්සාහ කළ ස්ටෙෆනි ටෙලර් සහ ආලියා ඇලෙයින් 06 වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 22ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වූහ.
නමුත් තරගයේ 38 වන පන්දු වාරයේ දී ලකුණු 14ක් රැස් කරගෙන සිටි ආලියාගේ කඩුල්ල දවා ගැනීමට චමරි අතපත්තු සමත් වූ අතර එම පන්දු වාරයේදීම ලකුණු 33ක් රැස් කරමින් කොදෙව් ඉනිමේ නැංගුරම වී සිටි ස්ටෙෆනි ටෙලර් දුවද්දී දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.
එම කඩුලු දෙක දැවී යන විට කොදෙව් ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 07 කට ලකුණු 149ක් ලෙස සටහන්ව තිබිණි.
ඉන් පසුව පැමිණි කොදෙව් පිතිකාරිණියන්ට සාර්ථක වීමට ඉඩ නොදුන් ශ්‍රී ලංකා පන්දු යවන්නියන් විසින් පන්දු වාර 47 යි එක් පන්දුවකදී ඔවුන්ගේ සියලු ක්‍රීඩිකාවන් ලකුණු 195කට දවා ගන්නා ලදී.

එම ඉනිමේදී ශ්‍රී ලාංකික පන්දු යවන්නියන් විසින් අතිරේක ලකුණු 23ක් ලබා දීම කැපී පෙනෙන සිදුවීමක් විය.
එමෙන්ම පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි ලකුණු 41 කට කඩුලු 03ක් ද සුගන්ධිකා කුමාරි ලකුණු 30 කට කඩුලු 03ක් දවා ගැනීමට සමත් වුහ.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ගේ සුපිරි හඹා යෑම

ලකුණු 196ක ජයග්රාහි ඉලක්කයක් හඹා යෑමට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් යුගලය වූ චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න පළමු කඩුල්ල සඳහා වේගවත් ලකුණු 88ක් එක් කිරීමට සමත් වූහ.
ලකුණු 40ක් රැස් කර ගත් විශ්මි ගුණරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී ගිය අතර නායක චමරි අතපත්තු ලකුණු 38කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වුයේ පන්දු වාර 15.2 ක් අවසානයේ ලකුණු 100 කට කඩුලු දෙකක් ලෙසයි.
අද තරගයේදී කවීෂා දිල්හාරි ලකුණු නොලබා දැවී ගියාය.
ශ්‍රී ලංකා ඉනිමේ සිව්වන කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රම සහ හසිනි පෙරේරා ලකුණු 73ක සම්බන්ධතාවයක් එක් කිරීමට සමත් වූහ.
ලකුණු 43ක් රැස්කර ගෙන සිටියදී හසිනි පෙරේරා දැවී ගිය අතර නොදැවී ලකුණු 44ක් රැස් කළ හර්ෂිතා සමරවික්‍රම ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ තවත් පන්දු 95ක් ඉතිරිව තිබියදීය.
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
20- 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ ශ්‍රී ලංකාව මුහුණදුන් පළමු තරගයෙන් ලකුණු 51ක පරාජයක් ශ්‍රී ලංකාවට හිමිවිය.
සුපිරි 8 දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය අද (22) පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පස්වරු 3.00ට ආරම්භ වීමට නියමිතයි.
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (19) පස්වරු 3.00ට ආර්.ප්‍රේමදාස ක්‍රීඩාගණයේ දී ආරම්භ වීමට නියමිතය.