දිල්ලි නේවාසිකාගාරයක් කඩා වැටේ : මරණ සංඛ්‍යාව 6 දක්වා ඉහළට
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
පිලිපීනයේ මගී නෞකාවක ගින්නක් හටගැනීමෙන් පුද්ගලයන් පස්දෙනෙකු මියගොස් තවත් 86 දෙනෙකු අතුරුදන්ව තිබේ.
එරට වෙරළාරක්ෂක බළකාය සඳහන් කළේ, බදාදා පස්වරු 6.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි.
මගීන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 134 දෙනෙකු රැගෙන ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන කොරොන් වෙත යාත්‍රා කරමින් තිබූ MV June Aster නෞකාව ගින්නට හසුව තිබේ.
පිලිපීනයේ මුහුදු අනතුරු නිරන්තරයෙන් වාර්තා වන නමුත්, පුද්ගලයින් 90කට ආසන්න සංඛ්‍යාවක් තවදුරටත් අතුරුදන්ව සිටීම හේතුවෙන් මෙම අනතුර එරට සිදුවූ දරුණුතම මුහුදු අනතුරුවලින් එකක් විය හැකි බවට බලධාරීන් බිය පළ කරයි.
සෙවීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා රජයේ සියලු අංශ ඒකාබද්ධ කරමින් කටයුතු කරන බව වෙරළාරක්ෂක බළකාය සඳහන් කරයි.
කෙසේ වෙතත්, ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණ තත්ත්වය සහ දැඩි රළ හේතුවෙන් සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම්වලට බාධා එල්ල වී ඇති බවද එම බළකාය පවසයි.
පිලිපීනයේ ප්‍රධාන භූමියෙන් ඔබ්බට පිහිටි කොරොන් දූපත, උස් ගල් කඳු සහ ඉතා පැහැදිලි නිල් පැහැති මුහුදු ජලය හේතුවෙන් ලොව පුරා කිමිදුම්කරුවන්ගේ ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර සත්‍ය නිකේතන් ප්‍රදේශයේ පස්මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් තිබේ.
සාම්ප්‍රදායික ලෝක සිතියම වෙනුවට අප්‍රිකානු මහාද්වීපයේ සැබෑ විශාලත්වය වඩාත් නිවැරදිව නිරූපණය කරන සිතියමක් භාවිත කිරීමට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ඡන්දය දී තිබේ.
සති කිහිපයක් පුරා පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ඉන්දුනීසියාවේ ප්‍රධාන දූපත් කිහිපයක් ඝන, විෂ සහිත දුමාරයකින් වැසී ඇති අතර, එම දුමාරය මැලේසියාව, සිංගප්පූරුව සහ පිලිපීනය දක්වාද පැතිර යමින් තිබේ.